මනස
මනස..
මානසික වෛද්‍ය විද්‍යාවට
අනුව මනස අර්ථ දැක්වෙන්නෙ මොළයෙන් පැන නගින සිතුවිලි,හැගීම්,ආත්මීය තත්වයන් හා
ස්වයං දැනුවත්භාවය ඉස්මතු කිරීමට භාවිතා වන සංකල්පයක් වශයෙන්. වෙනත්
කෙනෙකුගේ මානසික තත්වය(වෙනත් අයෙකුගේ විශ්වාසයන්,සිතුවිලි,චේතනාවන් හා
හැගීම්)අනුමාන කිරීමට හා වටහා ගැනීමට මෙන්ම ඒ හරහා මිනිස් හැසිරීම් පැහැදිලි
කිරීමට හා පුරෝකථනය කිරීමට මනස සමත් වෙනවා.මනස අපේ එදිනෙදා ජීවිතය තුළ සිදුකරන
සියලුම භෞතික ක්‍රියාවලි යාමනයට වැදගත් වෙනව.නමුත් දවසක මනස රෝගී වුනොත්..කුමක්
සිදුවිය හැකිද?
1.මනස රෝගී විය හැක්කේ
කෙසේද?
බොහෝ විද්‍යාඥයන්
විශ්වාස කරන්නේ මානසික රෝග ඇතිවන්නේ මොළයේ ඇති නියුරෝන අතර සන්නිවේදනයේ (ස්නායු
සම්ප්‍රේෂණ) ගැටලු නිසා බවයි. නිදසුනක්
වශයෙන්, මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ස්නායු සම්ප්‍රේෂක
සෙරොටොනින් මට්ටම සාපේක්ෂව අඩු
අගයක් දක්වනවා.. කුඩා කාලයේ පටන් අද දක්වාම තමන්ට ජීවිතයේ අත්විදින්නට
සිදුවන ඕනෑම අමිහිරි අත්දැකීමක් මනස ලෙඩ කරවන ප්‍රධාන හේතුවක් වන්නට
පුලුවන්.ගෘහස්ථ හිංසනය,සබඳතා
බිදවැටීම්,ආර්ථික හා
රැකියා ස්ථාන ආශ්‍රිත ගැටලු ඒ අතරින්
කිහිපයක්.මේ හේතූන් හරහා නිර්මාණය වන කම්පනය හා ආතතිය කාලය සමග ක්‍රමවත්ව වර්ධනය
වීමෙන් මනස රෝගී වීම හෙවත් මානසික ආබාධ තත්ව ඇතිවෙනවා.
2.සාමාන්‍යයෙන්
බහුලව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වයන් මොනවාද?
මානසික වෛද්‍ය විද්‍යාවේ
ප්‍රධාන වශයෙන් මානසික රෝගී තත්වයන් 07ක් පිළිබද
සදහන් වෙනවා.ඒවා අතර,
·
කාංසාව(Anxiety)
·
විශාදය(Depression)
·
පශ්චාත් කම්පන ආතති
ආබාධ(PTSD-Post
Traumatic Stress Disorder)
·
ළමුන්ගේ චර්යාත්මක හා හැගීම් ආශ්‍රිත ගැටලු
·
බයිපෝලාර් ආක්‍රමණශීලී ආබාධ(Bipolar affective
disorder)
·
උමතු සම්පීඩන ආබාධය(OCD-Obsessive compulsive disorder)
ප්‍රධාන තැනක් උසුලනවා.
3.මේ රෝගී තත්වයන් ගේ
රෝග ලක්ෂණ මොනවාද?
i.කාංසාව(Anxiety)
මෙම තත්වයේදී ප්‍රධානවම
අධික බිය හා කනස්සල්ල ආශ්‍රිත හැසිරීම් මෙන්ම මානසික ඒකාග්‍රතාව ගිලිහීම,අධික
තෙහෙට්ටුව,වෙව්ලීම්,නින්ද ආශ්‍රිත
ගැටලුකාරී තත්වයන් ඇතිවීම සිදුවනවා. කාංසාව ආකාර කිහිපයකින් දක්නට ලැබෙනවා.ඒවා
අධික කනස්සල්ල නිසා ඇතිවන සාමාන්‍ය කාංසාව,භීතිය නිසා ඇතිවන
සන්ත්‍රාස ආබාධ,සමාජ තත්ව නිසා ඇතිවන සමාජ කාංසාව,පුද්ගලානුබද්ධ
බැඳීම් හා වෙන්වීම් නිසා ඇතිවන වෙන්වීමේ කාංසාව ලෙස දක්වන්නට පුලුවන් .
ii.විශාදය/ මානසික අවපීඩනය (Depression)
මානසික අවපීඩනය හෙවත්
ඩිප්‍රෙශන් තත්වයකදී නිරන්තරයෙන්
ඇතිවන කනස්සල්ල,වරදකාරී හැගීම්,බලාපොරොත්තු රහිත බව,තමා ප්‍රියකල
ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධව තිබූ උනන්දුව ගිලිහී යාම,අඩු ආත්ම අභිමානය,මිය යාම හෝ
සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි, නින්දට බාධා
කිරීම, ආහාර රුචිය හෝ බරෙහි වෙනස්වීම් සහ විශේෂයෙන් වෙහෙසට හෝ
අඩු බවක් දැනීම සුලබ ලක්ෂණ
ලෙස දක්වන්නට පුලුවන්.
iii.පශ්චාත් කම්පන ආතති ආබාධ(PTSD)
අතීතයේ වූ තර්ජනාත්මක
හෝ බිහිසුණු සිදුවීමකට හෝ සිදුවීම් මාලාවකට නිරාවරණය වීමෙන් පසුව PTSD
වර්ධනය වෙන්නට පුලුවන් . සිදුවීම් හා
ඒවා නැවත සිදුවිය හැකි බව දැනීම,නින්ද ආශ්‍රිත ගැටලු,උනන්දුව
නැතිවීම,වරදකාරී හෝ කනස්සලු සහගත බව,මනස එක්තැන්
කරගැනීමේ අපහසුතා,තමාවම සැක කරගැනීම වැනි තත්ව ඇතිවිය හැකියි. මෙම රෝග ලක්ෂණ
අවම වශයෙන් සති කීපයක් පවතින අතර,එය සාමාන්‍ය මානසික ක්‍රියාකාරීත්වයට
සෘජු බලපෑමක් එල්ල කරනවා.
iv.බයිපෝලර් තත්වය(Bipolar)
පුද්ගලයෙකුගේ මනෝභාවය, ශක්තිය, ක්‍රියාකාරකම් මට්ටම් වල අසාමාන්‍ය වෙනස්කම් ඇති කරන මානසික රෝගයකි . බයිපෝල අක්‍රමිකතාව, කලින් උමතු අවපීඩනය
ලෙස හැඳින්වූ අතර,
චිත්තවේගීය
උච්චාවචනයන් (උමතුව හෝ හයිපෝමේනියාව) සහ පහත් (මානසික අවපීඩනය) ඇතුළත් ආන්තික මනෝභාවයන්
ඇති කරන මානසික සෞඛ්‍ය තත්වයකි. ඔබ මානසික අවපීඩනයට පත් වූ විට, ඔබට දුකක් හෝ
බලාපොරොත්තු සුන්වීමක් දැනිය හැකි අතර බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ
සතුට නැති විය හැක. ඔබේ මනෝභාවය උන්මාදය
හෝ හයිපෝමේනියාව (උමතුවට වඩා අඩු අන්තය) වෙත මාරු වූ විට, ඔබට ප්‍රීතියෙන්, ශක්තියෙන් පිරී හෝ
අසාමාන්‍ය ලෙස කෝපයට පත් විය හැකිය.
v.උමතු සම්පීඩන
ආබාධය(OCD-Obsessive
compulsive disorder)
(OCD) යනු පුද්ගලයෙකුට පාලනය
කළ නොහැකි සහ පුනරාවර්තන සිතුවිලි (උමතුව), පුනරාවර්තන හැසිරීම් (බලකිරීම්) හෝ දෙකම
අත්විඳින දිගුකාලීන
ආබාධයක්. විෂබීජ වලට ඇති බිය,යමක් අමතක කිරීමට,අහිමි වීමට හෝ අස්ථානගත වීමට ඇති බිය,කෙනෙකුගේ හැසිරීම මත පාලනය අහිමි වේ යැයි බිය,අන් අය හෝ තමා කෙරෙහි ඇතිවන ආක්‍රමණශීලී සිතුවිලි මෙහි
රෝග ලක්ෂණ ලෙස දක්වන්නට පුලුවන්.
4.වැඩිපුරම මානසික ආබාධ තත්වයන් ට ගොදුරු වන්නේ කුමන වයස්
කාණ්ඩයන්ද?
ගෝලීය වශයෙන් වයස අවුරුදු 10-19 අතර තරුණයින් හත්දෙනෙකුගෙන් එක් අයෙක් මානසික ආබාධ වලට
ගොදුරු වෙනවා.තරුණ ප්‍රජාව අතර බහුලවම මානසික අවපීඩනය(Depression),කාංසාව(Anxiety)
හා චර්යාත්මක ආබාධ(Behavioural disorders)දක්නට ලැබෙනවා.වයස අවුරුදු 15-29 අතර තරුණයින් අතර සියදිවි හානිකරගැනීමේ වැඩි ප්‍රවණතාවක්
දක්නට ලැබෙනවා
5.තමන් හෝ තමන්ගේ සමීපතමයෙකු මානසික ආබාධයකින් පෙළෙන බව
වටහා ගන්නෙ කෙසේද?
පුද්ගලයෙක් තමන්ගේ සාමාන්‍ය සිතුවිලි හෝ චර්යාත්මක හැසිරීම් වල සැලකිය යුතු
වෙනසක්,අවම සති දෙකකට
වඩා වැඩි කාලයක් අත්විදී නම්,ඔහු හෝ ඇය යම් මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවකට මුහුණ දී සිටීමේ
සම්භාවිතාවය ඉහළ වේ. බොහෝවිට ඉහත සදහන් කළ රෝග ලක්ෂණ නිරීක්ෂණය හරහා මෙම
මානසික තත්වයන් හදුනා ගත හැක.
6.කිසියම් මානසික ආබාධ
තත්වයක් පිළිබදව අවබෝධ වූ පසු කළ යුත්තේ කුමක්ද?
මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු
මුණගැසී වැඩිදුර උපදෙස් හා ප්‍රතිකාර සදහා යොමුවීමෙන් මෙම තත්වයන් වඩා කාර්යක්ෂම ව
පාලනය කරගත හැක.එමෙන්ම එවැනි පුද්ගලයෙකු හදුනා ගත් පසු ඔහුට හිතකර පරිසරයක්
නිර්මාණය කිරීමට අප වග බලා ගත යුතුය.ඔහු හෝ ඇය තනිවී නොමැති බව,ඕනෑම ගැටලුවක්
විසදාගැනීමට උදව් කරන බව,මානසික ආබාධයක් යනු එක් මානසික තත්වයක් මිස
සුවකල නොහැකි රෝගයක් නොවන බව අප ඔවුනට හැගවිය යුතුය.
එමෙන්ම උපදෙස් ලබාගැනීම සදහා විශේෂයෙන්ම දුරකතන අංක
කිහිපයක්ද හදුන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ-+94707308308/+94767520520
වෙබ් අඩවිය-srilankasumithrayo.lk
1926-ජාතික මානසික
සෞඛ්‍ය උපකාරක සේවාව
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයින්
8 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික ආබාධ තත්වයක් පවතිනවා.ඒ නිසා තමා මානසික ආබාධයකින්
පෙළෙන බව හදුනා ගැනීම ලැජ්ජාවට කාරණාවක් ලෙස සැලකෙන්නේ නැහැ.
එම නිසා යහපත් මානසික තත්වයක් තමා තුළ පවත්වා ගැනීමටත්,අන්‍යයන්ට ඒ
සදහා උපකාර කිරීමත් හරහා සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට ඔබත් දායක වන්න.
සටහන:ජී ඩබ්ලිව් එන් නිරාශා
තෙවන වසර,
විද්‍යා පීඨය (සත්ත්ව විද්‍යා විශේෂවේදී),
රුහුණ විශ්වවිද්‍යාලය.
මූලාශ්‍ර:ලෝක සෞඛ්‍ය
සංවිධානය-නිල වෙබ් පිටුව
.png)
Comments
Post a Comment